සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට, පූජාවට නිමිති වී තිබෙන උසස්ම පින්කමක් ලෙස කඨින පිංකම හැඳින්වීම වටී. ඉකුත් ඉල් පුන් පොහෝ දිනයෙන් මෙම වසරේ කඨින පිංකම් මාලාවද අවසන් විය. ලංකාවේ ගම් නියම්ගම්වලද නුවරවලද විවිධ අයුරින් කඨින පිංකම් සිදු විය. ලංකාවෙන් බැහැරව ඉන්දියාවේ හා තවත් රටවල් කීපයකම කඨින පිංකම් සිදු කෙරුණි. මේ ලිපිය කඨින පිංකම් නිමවා සිටින අවස්ථාවේ වුවද ඒ පිළිබඳව සිත යොමු කරවන්නකි. කඨින පූජාව යන්න ශ්රී ලාංකීය සමාජය තුළ මුල්බැසගෙන ඇති උත්තරීතර වචනයකි. එතරම් ශ්රී ලාංකීය ජනහදවත් තුළ සදානුස්මරණීය වන්නට හේතුකාරණාවක් ඇත. කඨින චීවරයක් මහා සංඝරත්නයට පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨිනානිසංස නම් වේ. වර්ෂය පුරාම චීවර පූජාව කිරීමට හැකියාව තිබුණත් කඨින චීවරයක් පූජා කිරීමට හැකි වන්නේ එක් විහාරස්ථානයක වර්ෂයකට එක් වතාවක් පමණි. ඒ නිසා මෙහි සුවිශේෂත්වයක් ඇත. කඨිනය යන වචනය පිළිබඳව අර්ථ කීපයක් ඇත. ඒ අතර තද බව, ගොරෝසු බව, මුවහත් බව, ස්ථිරසාර බව, නොසැලෙන බව, සෘජු බව, කම්පා නොවන බව, තියුණු බව ආදිය දැක්විය හැකිය. අනෙක් කුසලයන්ට වඩා කඨින චීවර පූජාමය කුසලය ප්රබල වේ. බුදුසසුනේ සඳහන් අට මහා ප...
Comments
Post a Comment