Posts

Showing posts from November, 2020

ads

 

කල්ප 30 ක් විපාක දෙන කඨින පිංකම ගැන දැනගමු

Image
  සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට, පූජාවට නිමිති වී තිබෙන උසස්‌ම පින්කමක්‌ ලෙස කඨින පිංකම හැඳින්වීම වටී. ඉකුත් ඉල් පුන් පොහෝ දිනයෙන් මෙම වසරේ කඨින පිංකම් මාලාවද අවසන් විය. ලංකාවේ ගම් නියම්ගම්වලද නුවරවලද විවිධ අයුරින් කඨින පිංකම් සිදු විය. ලංකාවෙන් බැහැරව ඉන්දියාවේ හා තවත් රටවල් කීපයකම කඨින පිංකම් සිදු කෙරුණි. මේ ලිපිය කඨින පිංකම් නිමවා සිටින අවස්‌ථාවේ වුවද ඒ පිළිබඳව සිත යොමු කරවන්නකි. කඨින පූජාව යන්න ශ්‍රී ලාංකීය සමාජය තුළ මුල්බැසගෙන ඇති උත්තරීතර වචනයකි. එතරම් ශ්‍රී ලාංකීය ජනහදවත් තුළ සදානුස්‌මරණීය වන්නට හේතුකාරණාවක්‌ ඇත. කඨින චීවරයක්‌ මහා සංඝරත්නයට පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨිනානිසංස නම් වේ. වර්ෂය පුරාම චීවර පූජාව කිරීමට හැකියාව තිබුණත් කඨින චීවරයක්‌ පූජා කිරීමට හැකි වන්නේ එක්‌ විහාරස්‌ථානයක වර්ෂයකට එක්‌ වතාවක්‌ පමණි. ඒ නිසා මෙහි සුවිශේෂත්වයක්‌ ඇත. කඨිනය යන වචනය පිළිබඳව අර්ථ කීපයක්‌ ඇත. ඒ අතර තද බව, ගොරෝසු බව, මුවහත් බව, ස්‌ථිරසාර බව, නොසැලෙන බව, සෘජු බව, කම්පා නොවන බව, තියුණු බව ආදිය දැක්‌විය හැකිය. අනෙක්‌ කුසලයන්ට වඩා කඨින චීවර පූජාමය කුසලය ප්‍රබල වේ. බුදුසසුනේ සඳහන් අට මහා ප...

කරණීය මෙත්ත සූත්‍රය සිංහල තේරුම සහිතව-Karaneeya Meththa Suthraya with sinhala Meaning

Image
  කරණීය මත්‍ථ කුසලෙන යං තං සන්තං පදං අභිසමෙච්ච සක්කො උජූ ච සූජූ ච සුවචො චස්ස මුදු අනතිමානි තේරුම 1. ශාන්ත පදයට පැමිණ වසනු කැමැත්තහු විසින් යමක් කළ යුතු ද? අභිවෘද්ධියෙහි දක්ෂයා එය කට යුතු ය. හේ සමර්ථයෙක් වන්නේ ය. අවංක වන්නේ ය. මැනවින් අවංක වන්නේ ය. කීකරු වන්නේ ය. මෘදු වන්නේ ය. නිහතමානි වන්නේ ය. සන්තුස්සකො ච සුභරො ච අප්පකිච්චො ච සල්ලහුකවුත්ති සන්තින්ද්‍රියො ච නිපකො ච අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො තේරුම 2. සන්තෝෂ ඇත්තෙක් වන්නේ ය. පහසුවෙන් පෝෂණය කළ හැකෙක් වන්නේ ය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ ය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේ ය. සන්හුන් ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය. ප්‍රඥාවත් වන්නේ ය. හැඩි දැඩි නොවන් නේ ය. කුලයන්හි නො ඇලෙන්නේ ය. නච ඛුද්ධං සමාචරේ කිඤ්චි යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං සුඛිනො වා ඛෙමිනො හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා තේරුම 3. යම් ක්‍රියාවක් නිසා නුවණැති අන්‍යයෝ නින්දා කෙරෙත් නම් එබඳු කුඩා වූ වරදක් පවා නො කරන්නේ ය. සියුල සත්හු සුව අත්තෝ භය නැත්තෝ වෙත් වා. සියලු සත්හු සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත් වා. යෙ කෙචි පාණ භූතත්ථි තසා වා ථාවරා වා අනවසෙසා දීඝා වා යෙ මහන්තා වා මජ්ඣිමා රස්සඛාණුකථ...

රතන සූත්‍රය නිධාන කතාව සහ සිංහල අර්ථය – RATHANA SUTHRAYA with SINHALA Meaning

Image
 අතීතයේ විශාලා මහනුවර මහා දුර්භීක්ෂයක් ඇති විය. ආහාර දුර්ලභත්වයෙන් මිනිස්සු මැරෙන්නට වූහ. මළ සිරුරු නුවරින් බැහැර කළහ. මිනී කුණුගන්ඳින් අමනුෂ්‍යයෝ නුවරට ඇතුල් වූහ. ඒ නිසා තව තවත් මැරෙන්නට වූහ. ඒ හේතුකොට ගෙන ‘අහිවාතක’ නම් දරුණු රෝගයක් ඇති විය. මෙසේ දුර්භීක්ෂ, අමනුෂ්‍ය හා රෝග යන ත්‍රිවිධ භීතියෙන් උපද්‍රැත වූ විශාලා මහනුවර වැසියෝ මෙපවත් රජවරුනට දැන්වූහ. රජවරු ජනතාව සන්ථාගාර ශාලාවට රැස්කර වූහ. රජුන් අත වරදක් ඇත්දැයි විමසූහ. තමන් අත වරදක් නැතැයි වැසියෝ පිළිවදන් දුන්හ. දීර්ඝ සාකච්ඡාවකින් පසුව තථාගතයන් වහන්සේ මේ නුවරට වැඩමවා ගත හොත් සියලු උවදුරු දුරුවේයයි තීරණයට බැස ගත්හ. බිම්බිසාර රජුගේ කැමැත්ත ඇතිව ලිච්ඡවී රජවරු දෙදෙනෙක් බුදුන් වහන්සේ කරා එළඹ, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ත්‍රිවිධ භීතියකින් උපද්‍රැත වූ අපරට වැසියන් ගේ නිදුක් නීරෝගී බැව් උදෙසා භාග්‍යවතුන් වහන්සේ අප නුවරට වැඩමවන සේක් නම් අපට යහපතක් වේයැයි දන්වා සිටියහ. තථාගතයන්වහන්සේ ආරාධනාව පිළිගෙන රුවන් සුතුරෙහි අණ තෙදින් කෙළ ලක්ෂයක් සක්වල ආරක්ෂාව සිදුවෙතියි ද එයින් මහත් පිරිසකට ධර්මාවබෝධය වෙතියි ද සලකා පන්සියයක් භික්ෂූන් වහන්සේ සමග විශා...